මහාසම්මත මනු රජු

හෙල පරපුර- මහාසම්මතමනු රජු
හෙලදිව (ශ්‍රි ලංකාව) මනුෂ්‍ය ජනාවාස වීම අවුරුදු 125,000 දක්වාම දුර යනවා. අවුරුදු 30,000 කටයුතු පෙර එය ස්වයංපෝෂිත, කෘෂිකාර්මික ජීවන රටාවක් වුණා. ඉතා ඈත කාලයක දී  මන්නාරම රාජධානියේ පාලනය කිරීම සිදුකල මනු රජු (මනු+ආ+ආරාම=මන්නාරම) කාලයේ සිටම මෙම ක්‍රමය පැවැති බවට සාධක හමුව තිබෙනවා. පෘථිවියේ මුල්ම රජු වූ මනු රජු හෙලදිව වාසය කළ ගොවියෙක්. මහා ජන සම්මතයට අනුව රජ වුනු මුල්ම  මනුෂ්‍යයා ඔහුයි. මේනිසා 'මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසුයි' යන පිරුළ සැදී ඇති බව සැලකෙනවා. හෙල අවුරුදු උත්සවය මනු රජුගේ ඔටුනු පැළඳවීමේ  උත්සවය  සමරන උත්සවයක් ලු.
(සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මන්නාරමට ඉහලින් ගමන් කරන අවස්ථාවේ මනු රජු විසින් ඔටුනු පැළඳීම සිදු වී තිබෙනවා.)
                    කොහොම වුණත් මනු රජුට පසුවත් අපේ රටේ ශ්‍රේෂ්ඨ හෙල රජවරු සිටියා. ඔවුන්,
තාරක රජු (අවුරුදු 10,000 කට පමණ පෙර)
මහාබලි රජු (අවුරුදු 7,500 කට පමණ පෙර)
රාවන රජු (අවුරුදු 5,000 කට පමණ පෙර)


Comments

Popular Posts