හෙල රාජධානිය

හෙල පරපුර..... 
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වෙනවා. මන්ඨක යනු යක්ඛ ය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යක්ඛයා” වනවා.
රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මන්දෝදරී බිසවගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වනවා. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතාන්‍යයන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර තිබෙනවා. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබෙනවා. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයක්. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකෙනවා. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වනවා.

Comments

Popular Posts