පුලතිසි මුණිවර


සුප්‍රසිද්ධ රාවණා රජුගේ මුත්තා වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්‍රධාන මුනිවරයන් වන කපිලථ, ඉසුරුවෙස්ස හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙනවා. පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍රය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි. අදද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට තිබෙනවා. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂවලින්නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වෙනවා. එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් තිබෙනවා. 

Comments

Popular Posts