මින් රැසින් හෙළ රැසට.......



ඔබ සැවොම දන්නා පරිදි අප්‍රේල් මස 14 වැනිදා (මෙම ලිපිය පල කරන අද) සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනවා. ඒ පිළිබඳව නොදුටු පැත්තක් ගැන මෙන්න.
ජ්‍යෝතිෂයට අනුව බලන විට සංක්‍රාන්තිය ලෙස හඳුන්වන්නේ අහසේ අංශක 360 අංශක 30 බැගින් වන කොටස් 12කට බෙදා එයින් මුල් රාශියේ සිට අග රාශියට සූර්යයා ගමන් කරන මොහොතයි. ඒ මීන රාශියේ සිට මේෂ රාශියටයි. පුදුමයකට වගේ ඒ වෙලාවටම සූර්යයා ලංකාවට මුදුන් වනවා.
මේෂ යන සංස්කෘත වචනයේ සිංහල අරුත වන්නේ එළු යන්නයි. එය 'හෙළ' යන්න හෝ 'එල්ල වූ' යන්න නිරූපණය කරනවා. විකෘති වීම නිසා අරුත වෙනස් වූ මෙම වචනයෙන් ද පෙන්වා දෙන්නේ අවුරුදු උත්සවය සහ ලංකාව අතර ඇති සම්බන්ධතාවයයි.
මේ සුබ අවස්ථාවේ දී මුල්ම මනුෂ්‍ය රජු මහා සම්මත මනු රජු විසින් ඔටුනු පැළඳීම සිදු වී තිබෙනවා. ඉතින් එම චාරිත්‍රය දැන් සූර්ය වන්දනාවේ යෙදෙන්නේ නැති වුවත් සිංහල ජනයා විසින් සම්ප්‍රදායිකව පවත්වාගෙන යනවා.
තවත් කරුණක් වන්නේ එම උත්සවය මුල් වරට පැවැතුණේ මීට අවුරුදු 10,000කටත් පෙර නිසා සූර්යයා ලංකාවට මුදුන් වන වේලාව දැන් වෙනස් විය හැකි බවයි. දැන් ලංකාවට සූර්යයා මුදුන් වන්නේ අප්‍රේල් මස මුල් සතියේයි.
ඒ නිසා අද ඉදන් අලුත් අවුරුද්දේ අර්ථය දැනගෙනම අවුරුද්ද ගත කරන්න.
                                                        T.L

Comments

Popular Posts